Gossips

පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක්

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය තුළ සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු පොලීසිය සඳහන් කළේ මුළුතැන්ගෙයි කොටසක අද දහවල් මෙලෙස ගෑස් කාන්දුවක් සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය විසින් මේ වන විට පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති අතර, යළි පාර්ලිමේන්තුවේ කාර්යාලයීය වැඩ කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.