Gossips

පාර්ලිමේන්තුවේ අර්බුදයට කථානායක වගකිව යුතුයි – ඇමති කෙහෙළියගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව තුල ඇතිව තිබෙන තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ ආණ්ඩුව නොව කථානායක කරූ ජයසූරිය සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
පාර්ලිමේන්තුවේ සහ රටේ දේශපාලන ව්‍යුහය විකෘති කිරිමේ වගකීම කථානායකවරයා භාරගත යුතු බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ල වන චෝදනාවකට ප්‍රතිචාර දැක්වූවා.
එහිදී ඔහු චෝදනා එල්ල කරන එක්සත් ජාතික පාර්ශවයට අභියෝග කළේ පාර්ලිමේන්තුවේ ශුද්ධ වූ බයිබලය තිබූ බවට හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙසයි.
මෙම මාධ්‍ය හමුවට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද අලූත්ගමගේ ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය අද වනවිට කණ්ඩායම් 3 කට බෙදී ඇති බවයි.