පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක් ගිලා බැස තිබෙනවා.
අද අළුයම මෙම ගිලා බැසීම සිදුව ඇති බවයි තලංගම පොලිසිය සඳහන් කළේ.
මේ හේතුවෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පාලම් තුන හන්දියේ සිට පාර්ලිමේන්තුව දෙසට ගමන් ගන්නා මංතීරුව වසා දමා තිබෙනවා.
එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටියේ.
