බැඳුම්කර ගනුදෙනුව පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ සී – 350 සිට සී – 360 දක්වා කොටස අඩංගු ලේඛන අද උදෑසන කථානායකවරයාට ලබාදී තිබෙනවා.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ කොටසක් ඇත්නම් එය ලබාදෙන ලෙසයි කථානායක කරු ජයසූරිය ජනාධිපති කාර්යාලය වෙත දැනුම් දී තිබුණේ.
ඒ අනුව අදාළ කොටස අඩංගු ලේඛන මේ වන විට කථානායක කාර්යාලය වෙත ලැබී තිබෙනවා.
