Gossips

පාර්ලිමේන්තුවට ඔප්පුව ලබාදීම අද

ශ්‍රී ජයවර්ධනපුර කෝ්ට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ නිල අයිතිය තහවුරු කෙරෙන හිමිකම් ඔප්පුව අද (20), ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් කථානායක කරූ ජයසූරියට පිළිගැන්වීමට නියමිතයි.
වසර 40 ක් වන පාර්ලිමේන්තු ඉතිහාසයේ මේ දක්වා එහි අයිතිය ලබාදී තිබුණේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන විසින් ලබාදුන් සන්නස් පත්‍රයකින්.
මේ අතර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් කෝප් කමිටුව නියෝජය කරන්නේ නම් ඉන් ඉවත් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.