Gossips

පාර්ලිමේන්තුවට අලූතින් පුටු මිලදී ගැනීමක් නැහැ – කථානායක කියයි

පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා අලූතින් පුටු මිලදී ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව කථානායක කරු ජයසූරිය පවසනවා.
පාර්ලිමේන්තුවට අලූතින් පුටු 232 ක් මිලදී ගැනීමට සූදානම් වන බවට පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා පදනම් විරහිත බවයි නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය සඳහන් කළේ.
සභා ගර්භයේ අසුන්වල යම් අබලන් තත්ත්වයක් පවතී නම් අවම වියදමකින් අලූත්වැඩියා කිරීම මිස ඒ සඳහා හා අලූතින් පුටු මිලදී ගැනීම නොකළ යුතු බවයි කථානායකවරයාගේ අදහස වී ඇත්තේ.