Gossips

පාප් වහන්සේ ඓතිහාසික සංචාරයක

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් ආරම්භ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාප්වහන්සේ නමක් අරාබි අර්ධද්වීපයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය බවයි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි අවස්ථාවේ එරට ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සායිඩ් අල්නායක් විසින් පිළිගෙන තිබෙනවා.
උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත දේව මෙහෙය සඳහා එක්ලක්ෂ විසි දහසක පමණ පිරිසක් සහභාගිවනු ඇති බවට බලාපොරොත්තුවනවා.