Gossips

පාප් වහන්සේ අයර්ලන්ත සංචාරයකට සුදානමින්

අති උතුම් ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අයර්ලන්ත සංචාරයකට සුදානම් වනවා.
ලබන අගෝස්තු මාසයේදී මෙ සංචාරය සිදු කෙරෙන බවයි වතිකානුව නිවේදනය කර ඇත්තේ.
මෙය පාප් වහන්සේ කෙනෙකු වසර 40 ක පමණ කාලයකින් පසුව අයර්ලන්තයේ සංචාරය කරන පළමු අවස්ථාව ලෙසට ඉතිහාසයට එක්වනු ඇති.
ඩබ්ලින් නුවරදී පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකට ද පාප් වහන්සේ මෙම සංචාරයේදී සහභාගී වීමට නියමිතයි.
අවසන් වරට අයර්ලන්තයේ සංචාරයක නිරතවුයේ දෙවන ජෝන් පෝල් පාප් වහන්සේයි.
1979 වසරේ සිදුවු එම සංචාරයේදී අයර්ලන්ත ජනගහනයෙන් හරි අඩක් පමණ එනම් මිලියන 2.5 ක පමණ ජනතාවක් දේව මෙහෙයට එක්වුනා.