Gossips

පාප්වහන්සේට උතුරු කොරියාවෙන් ආරාධනයක්

උතුරු කොරියාවට පැමිණෙන ලෙස එරට නායක කිම් ජොං අන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ආරාධනාවක් සිදුකර ඇති බව දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය නිවේදනය කළා.
එම ආරාධනාව ලබන සතියේ වතිකානුවේ සංචාරයක නිරතවන දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් පාප් වහන්සේට භාරදෙනු ඇති බවයි එහි දැක්වෙන්නේ.
මෙතෙක් කිසිදු පාප්වහන්සේ නමක උතුරු කොරියාවේ සංචාරයක නිරතවී නැහැ.