Gossips

පාපන්දු ලෝක ශූරතා තරගාවලිය පැහැරගැනීමට තැත් කරන බවට රුසියාවෙන් චෝදනාවක්

මෙවර තම රටේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක ශූරතා තරගාවලිය වැළැක්වීමට බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය උත්සාහයක නිරතවී සිටින බවට රුසියාව චෝදනා කළා.
රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මරියා සකරෝවා මේ බව ප්‍රකාශ කළේ රුසියානු රූපවාහිනී සේවාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්.
බ්‍රිතාන්‍යයේ සිටින හිටපු රුසියානු ඔත්තු සේවා නිලධාරියෙකුට සහ ඔහුගේ දියණියට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවට රුසියාව වෙත චෝදනාවක් එල්ලවනවා.
ඒ හේතුවෙන් රුසියාව සහ බටහිර රටවල් රාජතාන්ත්‍රික අර්බුදයක පැටලී සිටින අතර, එය නිරවි යුද්ධය යළි ආරම්භවීමක් ලෙසයි ඇතමුන් හඳුන්වන්නේ.