Gossips

පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටය අද ඇරඹේ

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය අද (10) ආරම්භ වන්නේ 1998 ලෝක ශූරයන් වූ ප්‍රංශය සහ යුරෝපයේ තවත් ප්‍රබල පාපන්දු කණ්ඩායමක් වන බෙල්ජියම අතර තරඟයෙන්.
මෙම කණ්ඩායම් දෙකම මෙවර ලෝක ශූරතාව දිනා ගනු ඇතැයි අනාවැකි පළ වී තිබූ අතර, ඉන් එක් කණ්ඩායමක් ඉරිදා මොස්කව් හිදී පැවැත්වෙන අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබනු ඇති.
ආජන්ටිනාව, ගෝල 4ට 3ක් ලෙස පරාජය කරමින් ප්‍රංශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, බෙල්ජියම ඒ සඳහා සුදුසුකම් ලැබුයේ 5 වරක් ලෝක ශූරයන් වූ බ්‍රසීලය ගෝල දෙකට එකක් ලෙස පරාජය කරමින්.
1966 ලෝක ශූරයන් වූ එංගලන්ත කණ්ඩායම සහ ක්‍රොඒෂියාව හෙට (11) දෙවන අවසන් පූර්ව තරඟයට මුහුණ දෙනවා.