Gossips

පාපන්දු ලෝක කුසලානයේ සුපිරි අටේ ගැටුම අද සිට

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟ අද (07) ආරම්භ වනවා.
එහිදී මුලින්ම ප්‍රංශය සහ උරැගුවේ කණ්ඩායම් තරඟ වදින අතර, දෙවන තරඟය පැවැත්වෙන්නේ බ්‍රසීලය සහ බෙල්ජියම අතරයි.
උරැගුවේ කණ්ඩායම සිය මුල් පෙළ ක්‍රීඩක එඩින්සන් කවානි මෙම තරඟයට සහභාගි වනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවනවා.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෘතුගාල කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් කිරීමට උරැගුවේ පිලට හැකිවූයේ ඔහුගේ දස්කම් වලින්.
කවානි සහ ලුවිස් සුවාරෙස් උරැගුවේ පිල වෙනුවෙන් ක්‍රීඩා කළහොත් මෙම තරඟය ප්‍රංශයට දැඩි අභියෝගයක් වනු ඇතැයි අපේක්ෂිතයි.
ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණේ ලියොනාල් මෙසීගේ ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරාජයට පත් කරමින්.
පස්වරක් ලෝක පාපන්දු ශූරතාව දිනූ බ්‍රසීලය, යුරෝපයේ ප්‍රබල කණ්ඩායමක් වන බෙල්ජියම සමඟ අර්ධ අවසන් පූර්ව වටයේදී තරඟ වදින්නේ නේමාර් ඇතුලු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සමගින්.
බෙල්ජියම මෙවර පාපන්දු ලෝක කුසලානයේ ආසියාකරයේ අවසන් බලාපොරොත්තුව වූ ජපානය පරදවා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.