පාසල් අවසානවී ක්‍රීඩා පුහුණුවීම්වල නිරතවෙමින් සිටි පාසල් සිසුවෙකු හදිසියේම බිම අදවැටී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම සිසුවා පාපන්දු පුහුණුවීම් අතරතුර ක්ලාන්ත වී බිම ඇදවැටී ඇති අතර අනතුරුව ඔහු කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා
කෙසේ වෙතත් රෝහල්ගත කරනවිටත් සිසුවා මියගොස් සිටි බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 ක සිසුවෙක්.
මියගොස් ඇති සිසුවාගේ මෘත දේහය පානදුර රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්.
