යාපනය – වන්නාර්පන්නෙයි ප්රදේශයේදී යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් තුන් දෙනෙකු තරුණයෙකුට පහර දී පලා ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පාපන්දු තරඟයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් මුල් කර ගනිමින් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, පහරදීමෙන් තුවාල ලැබූ තරුණයා යාපනය මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.