Gossips

පාපන්දු අංක 01 ප්‍රංශයට

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නව ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයට අනුව, ප්‍රංශය ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම ලෙස නම් කර තිබෙනවා.
එහිදී බෙල්ජියමට දෙවන ස්ථානය හිමිව ඇති අතර, තුන්වන ස්ථානය බ්‍රසීලයටත්, සිව් වන ස්ථානය ක්‍රොඒෂියාවටත් හිමිවී තිබෙනවා.
උරැගුවේ, එංගලන්තය සහ පෘතුගාලය නව ශ්‍රේණිගත කිරීම් අනුව 5 වන, 6 වන සහ 7 වන ස්ථාන හිමිකරගෙන ඇති රටවල්.
මෙහිදී පසුගිය ලෝක ශූරයන් වූ ජර්මනිය 15 වන ස්ථානයටත්, ආර්ජන්ටිනාව 11 වන ස්ථානයටත්, පත්ව ඇති අතර පසුගිය පාපන්දු ලෝක කුසලාන ආරම්භයේදී 71 වන ස්ථානයේ පසුවූ රුසියාව 21 වන ස්ථානයට පැමිණීම විශේෂත්වයක්.
මෙතෙක් පැවති ෆීෆා ශ්‍රේණිගත කිරීම් වලදී සලකා බැලුණේ යම් කාලසීමාවක් තුළ කණ්ඩායමකට හිමිවූ ප්‍රසාද ලකුණු සාමාන්‍යයයි.
එහෙත්, නව ක්‍රමය යටතේ කණ්ඩායමක් ලබන සෑම ජයග්‍රහණයක්ම සැලකිල්ලට ගනු ලබන අතර, ලෝක කුසලාන වැනි ප්‍රධාන තරඟාවලිහිදී දක්වන දස්කම් වලට ප්‍රමුඛත්වයක් හිමිවනවා.
නව ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අනුමැතිය පසුගිය ජුනි මාසයේදී හිමිවූ අතර, ඒ අනුව, ප්‍රථම ශ්‍රේණිගත කිරීමයි දැන් ප්‍රකාශයට පත් කර ඇත්තේ.