Gossips

පානීය ජල සහ නළ ළිං සමාගම් ලියාපදිංචියේ ගැටළුවක්

තත්ත්ව සහතික ලැබූ පානීය ජල සමාගම් 164 ක් ලියාපදිංචිය තහවුරු කර ඇතත්, අනෙකුත් කිසිදු ජල සමාගමක් ලියාපදිංචිය සනාථ කර නොමැති බවට අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම, නළ ලිං ඉදිකිරීමේ පෞද්ගලික ආයතන 196 ක් ගැඹුරු නළ ලිං කැණීමේ කටයුතුවල නිරත වන අතර, ඉන් ආයතන 13 ක් පමණක් යෝග්‍යතා මට්ටම සපුරා ඇති බවයි ජලසම්පත් මණ්ඩලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණ වී ඇත්තේ.
එබැවින් ලියාපදිංචිය තහවුරු නොකළ පානීය ජල බෝතල් සැකසුම් සමාගම්වලට හා නළ ලිං ඉදිකිරීමේ පෞද්ගලික ආයතනවලට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගැනීමට එහිදී අවධානය යොමුව තිබෙනවා.