Gossips

පානීය ජල බෝතල් නීති උල්ලංඝනය කළ 408 කට නඩු

පානීය ජල බෝතල් සඳහා පනවා ඇති නීතිරීති උල්ලංඝනය කළ වෙළඳසැල් හිමියන් 408 දෙනෙකුට එරෙහිව පසුගිය වසරේදී පාරිභෝගික අධිකාරිය නඩු පවරා තිබෙනවා.
එම අධිකාරිය සඳහන් කළේ 2017 වසරේදී එම නීති උල්ලංඝනය කළ වෙළඳසැල් හිමියන් 128 කට නඩු පැවරූ බවයි.
වසර දෙක තුළ එම නඩු මගින් අයකරගත් දඩ මුදල රුපියල් 14 ලක්ෂ හැත්තෑ දෙදහස් 900 ක්.