Gossips

පානිය ජල බෝතල්වල පැහැය වෙනස් කිරීමේ සුදානමක්

දැනට වෙළඳපොලේ අලෙවි කිරීමට පවතින නිල් පැහැයෙන් යුත් ජල බෝතල්වල පැහැය ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා නිට්ටඹුව ප්‍රදේශයේ උත්සවයකට එක්වෙනුයි මේ බව ප්‍රකාශ කළේ.
ජනතාවගේ ආකර්ෂණය දිනාගැනීම සඳහා නිල් පැහැති ජල බෝතල් වෙළඳපොලේ අලෙවි කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
ඔහු ප්‍රකාශ කළේ වෙළඳපොලේ විකිණීමට පවතින ජල බෝතල් දිරා යාමට අවුරුදු 200ක් 300ක් අතර කාලයක් යෑම හේතුවෙන් දැඩි පාරසරික ප්‍රශ්ණය ඇති වන බවයි.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.