Gossips

පාන් මිල වැඩි කිරීම ගැන බේකරි සංගමයේ තීරණය අද

පාන් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අද (03) රැස්වී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ නැංවූ බවට මාධ්‍ය මගින් දැනගත්තද මෙතෙක් තිරිඟු පිටි සමාගම් ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
අදාළ සමාගම් තිරිඟු පිටි මිල වැඩි කළ බවට අද (03) දිනයේ දැනුම්දීමක් සිදුකළහොත් බේකරි හිමියන්ගේ කමිටුව රැස්වී මිල සංශෝධනය කරන ආකාරය පිළිබඳව අවසන් තීරණයක් අද දිනයේ ගන්නා බවද සභාපතිවරයා තවදුරටත් සඳහන් කළා.
මේ අතර මේ වනවිටත් කොත්තුවක මිල රුපියල් 05 කින් ඉහළ දැමිමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.