පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහල දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන්.කේ ජයවර්ධන පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එවැනි තිරණයක ගැනීම මේ අවස්ථාවේ සාධාරණ නොවන බවයි.
එමෙන්ම එවැනි මිල වැඩි කිරීමක් සිදුකිරීමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැති බවත් නීති විරෝධී ලෙස මිල වැඩිකිරීමක් සිදුකර ඇත්නම් වහාම පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
මේ අතර පාන් සහ බනිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා ෆාම් ඔයිල්වලට රජය නව බදු අය කිරිමත් සමඟ මිල ඉහළ දැමූ බවයි එම සංගමය පවසන්නේ.