Gossips

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල යළිත් ඉහළට

පාන් සහ බනිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා ෆාම් ඔයිල්වලට රජය නව බදු අය කිරිමත් සමඟ මිල ඉහළ දැමූ බවයි එම සංගමය සඳහන් කළේ.
තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ පසුගිය 3 වනදා පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කළා.