Gossips

පානදුර ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයෙකුට චෝදනාවක්

අන්තර සමාජ දෙවන පෙළ ක්‍රිකට් තරඟාවලියට අදාලව 2017 ජනවාරි 23 වැනිදා මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ ආරම්භ වූ තෙදින ක්‍රිකට් තරගයේ අවසන් දිනයේ සිදුවූ සැකකටයුතු සිදුවීම් පිළිබඳ ජනවාරි 25 වැනිදා හිරු ස්පෝර්ට්ස් තුළින් අප අනාවරණ කළා.
පසුව එම තරඟය පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකළ පරීක්ෂණයකින් නිර්දේශ කර තිබුණේ අදාළ තරඟ පාවා දීමේ සිදුවීමට පානදුර ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයෙක් වන රවීන් වික්‍රමරත්නගේ සම්බන්ධයක් පවතින බවයි.
කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කඳවු වික්‍රමරත්න එම නිර්දේශය ප්‍රතික්ෂේප කළා.