පාදුක්ක – වග – වැලිපිල්ලෑව ප්රදේශයේදී සිය බිරිද සහ නැන්දණිය ඝාතනය කළ සැකකරු වැලිකන්ද ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 19 වනදා මෙම ඝාතන සිදුව තිබූ අතර, සැකකරු ප්රදේශයෙන් පලාගොස් තිබුණා.
තියුණ ආයුධයකින් පහරදී 68 හැවිරිදි කාන්තාවක සහ ඇයගේ දියණිය මෙලෙස ඝාතනයට ලක්ව තිබූ අතර, සැකකාර දියණියගේ සැමියා වැලිකන්ද – අසේලපුර ප්රදේශයේ ඥාතී නිවසක සැගව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.
33 හැවිරිදි සැකකරු අම්පාර පරහගහ කැලේ ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියාසිටියේ.
වැලිකන්ද අසේලපුර ප්රදේශයේ ඥාති නිවසක සැගව සිටියදී පෙරේදා රාත්රී අත්අඩංගුවට ගත් සැකකරු විමර්ශණ සඳහා හංවැල්ල පොලිසියට භාරදී තිබෙනවා.