Gossips

පාදුක්කේ සහ මොරගහහේන මාර්ග අනතුරුවලින් දෙදෙනෙකු මරුට

පාදුක්ක – හොරණ මාර්ගයේ, පෝරේ ගෙදර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් මාර්ගය හරහා ගමන් ගත් පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ පාදුක්කේ සිට හොරණ දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ මොහු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සදහන් කළා.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ 56 හැවිරිදි වැලිකන්න වග ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, මොරගහහේන, තලගල හන්දිය අසලදී බස් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර එය පැදවූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුණා.
පිටුපස ගමන් කළ කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. අනතුරෙන් පසු බස් රථයේ රියදුරු පලාගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.