Gossips

පාදුක්කේ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට

ඊයේ රාත්‍රී 7 ට පමණ පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මීපේ සිට ඉංගිරිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.
එහිදී බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පාදුක්ක රෝහලට ඇතුලත් කිරීමේදීයි මියගොස් ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක බෝපේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලසිය සඳහන් කරන්නේ.
පාදුක්ක පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.