කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ පාදුක්ක – මාවතගම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 19 සහ 20 යන වයස්වල පසුවන කොස්ගම සහ වැලිකන්න ප්‍රදේශවල පදිංචිකරුවන්.
