හබරණ, දිගම්පතහා රක්ෂිතයේ වෙසෙන ඇතෙකුගේ පාදයේ පැටලී තිබූ මද්දක් දැඩි මෙහෙයුමකින් අනතුරුව ඉවත් කිරීමට වන ජීවී නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා.
දඩයම්කරුවෙකු විසින් අටවන ලද මද්ද සත්වයාගේ ඉදිරිපස දකුණු පාදයේ පැටලී පාදය තුවාල වී සිටියදීයි මෙම සත්වයා හමුව ඇත්තේ.
අප වාර්තාකරු කියා සිටියේ ඇතා නිර්වින්දනයකර පදයේ පැටලී තිබූ මද්ද ඉවත් කිරීමේ මෙහෙයුම සදහා පැය පහක පමණ කාලයක් ගතවූ බවයි.
උස අඩි 08ක් පමණ වන මෙම ඇතා වයස අවුරුදු 12 ක් පමණ වන බවයි ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය සමීර කලිගුආරච්චි පවසා සිටියේ.
ඡායාරූප – පොළොන්නරුව, රොෂාන් තුෂාර