Gossips

පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට රට පුරා එස්.ටී.එෆ්. මෙහෙයුම්

කොළඹ සිට පිට පළාත්වලට ගොස් සිටින පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඊට පෙර පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර සහ දකුණු පළාත්වල මෙහෙයුම් සිදුකළ අතර අද (16) සිට දිවයින පුරාම ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙහෙයුම් සඳහා යොදවා ඇති බව සඳහන්.
සෑම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක්ම ඇතුළත් වන පරිදි මෙම විශේෂ කණ්ඩායම් යොමුකර ඇති බවයි වාර්තාවන්නේ.