Gossips

පාතාල සමාජික කොස්මල්ලිගේ සිරුර ගොඩගනී

කොළඹ 12 – කෙසෙල්වත්ත – අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී හිස කොටස හමුවූ පාතාල සාමාජික කොස් මල්ලීගේ කඳ කොටස අද (19) පස්වරුවේ අගුණුකොළපැලැස්ස – මුරවැඩිහේන – ගෝඨාභයගම ප්‍රදේශයේ වෙල් යායක වළ දමා තිබියදී ගොඩගනු ලැබුවා.
ඒ අඟුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි ඉදිරියේයි.
කෙසෙල්වත්ත අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලී නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ හිස සොයාගනු ලැබුවේ පසුගිය 7 වනදා උදෑසනයි.
පසුව හෙළිවූයේ ඔහුගේ කඳ කොටස අගුණකොලපැලැස්ස – ගෝඨාභයගම ප්‍රදේශයේ වළ දමා ඇති බවටයි.