පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මංජුල චමින්ද ඇල්වල නොහොත් මල්වත්තේ මංජු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය පෑලියගොඩ ප්රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදී සැකකරු සතුව තිබූ හෙරොයින් ග්රෑම් 5 යි මිලිග්රෑම් 840 ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 5 ක්, අන්සතු විදේශ ගමන් බලපත්ර 5 ක්, රියදුරු ගමන් බලපත්ර 2 ක් සහ ජාතික හැදුනුම්පත් 37 ක් ඇතුළු ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
44 හැවිරිදි පෑලියගොඩ – මල්වත්ත ප්රදේශයේ පදිංචි මෙම සැකකරු මීට පෙර ද හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
