Gossips

පාතාලේ හොල්ලන්න හැදූ පෑලියගොඩදී ඇල්ලූ ‘යකඩ මංජු’ කෙලින්ම අරං ගිය තැන

පාතාලේ හොල්ලන්න හැදූ පෑලියගොඩදී ඇල්ලූ ‘යකඩ මංජු’ කෙලින්ම අරං ගිය තැන "
එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගත්, ‘යකඩ මංජු’ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට
අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමඟ සබඳතා පවත්වන බවට සඳහන් වූ, අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මංජුල චමින්ද ඇල්වල හෙවත් ‘යකඩ මංජු’ගෙන් තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කරන බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය පවසනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරු තමන් වෙත භාර දුන් බවයි.
සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 840 ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 5ක්, අන්සතු විදේශ ගමන් බලපත්‍ර 5 ක්, රියදුරු ගමන් බලපත්‍ර 2 ක් සහ ජාතික හැඳුනුම්පත් 37 ක් ඇතුළු ආයුධ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.
44 හැවිරිදි පෑලියගොඩ – මල්වත්ත ප්‍රදේශයේ පදිංචි මෙම මොහුට එරෙහිව අධිකරණයේ මනුෂ්‍ය ඝාතන නඩු කිහිපයක් විභාග වෙමින් පවතින අතර, මත්කුඩු සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා පවතිනවා.
මේ අතර, අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කියා සිටියේ පොලීසිය ඇතැම් පුද්ගලයන්ට කුඩු දමා චෝදනා එල්ල කරන බවයි.
තමන් සිය සටන අත්නොහරින බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලයේදී හෝ මෙලෙස තම ආධාරකරුවන්ට හිරිහැර සිදුනොවූ බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.