Gossips

පාතාලේ මධූෂ් පසුපස ප්‍රබල ත්‍රස්ත සංවිධානයක්

මේ දිනවල කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඝාතන සිදු කරමින්, කප්පම් ගනිමින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් පාතාලයේ ගෝඩ් ෆාදර් බවටව පත්ව සිටින්නේ ඩුබායිහි සැඟව සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තායි.
මේ නරුම පාතාල නායකයා බිහිකළේ LTTE සංවිධානය බවට පොලිස් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.
මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ මාකඳුර නමැති ගම්මානයේ උපත ලැබූ මධුෂ්ගේ ඥාති සහෝදරියක් පොලිසියේ සේවය කර තිබෙනවා.
ඒ අතරතුර ඇය LTTE බුද්ධි අංශ සාමාජිකයකු සමග පෙමින් වේලි ඇත්තේ LTTE උපක්‍රමයකට හසු වෙමින්.
පොලිස් නිලධාරිනියගේ සහ LTTE සාමාජිකයාගේ පෙම දළුලා වැඩෙද්දී උපක්‍රමශීලි වූ LTTE සාමාජිකයා ඇය හරහා මධුෂ් LTTE සංවිධානයට බඳවාගෙන ඔහුට අවි පුහුණුව සහ අපරාධ සිදු කරන ආකාරය පිලිබදව පුහුණුව ලබාදෙන්නේ සැලසුම් කිහිපයක් අතැතිවයි.
නමුත් LTTE හරහා සියලු මිලේච්ඡ ක්‍රියා හුරු පුරුදු වූ මධුෂ් දකුණට පැමිණීමෙන් පසු LTTE සංවිධානයට වැඩ කරනවා වෙනුවට තමන්ගේම අපරාධ කල්ලියක් ගොඩනගා ගැනීම කෙරෙහි අවධානය යොමු කළා.
ඔහුගේ මේ ක්‍රියාවට මහා ආශීර්වාදයක් බවට පත්වුණේ 2009දී LTTE සංවිධානය රජයේ හමුදාව විසින් විනාශ කර දැමීමයි.
එසේ නොවුනානම් මධුෂ්ගේ අවසානය LTTE සංවිධානය අතින් සිදුවීමට ඉඩ තිබුනා.
LTTEයේ අවසානයත් සමග දකුණේ අපරාධ රැල්ල ආරම්භ කරන මධුෂ්ගේ පළමු ඉලක්කය බවට පත්වුණේ දකුණු පළාත් සභා හිටපු අමාත්‍යවරයකු සහ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයකු වන ඩැනී හිත්තැටිය මහතායි.
එතැන් සිට පුනරුත්ථාපනය වූ LTTE සාමාජිකයින්, හමුදාවෙන් පැන ගිය සාමාජිකයින් සහ විවධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් සිය කල්ලියට බදවාගෙන මධුෂ් පාතාල ලෝකයේ රජ කරන්නට පටන් ගත් අතර පොලීසිය ඔහු පසු පස හඹා එන්නට පටන් ගැනීම නිසා ඩුබායි කරා පලා ගිය මධුෂ් එහි සිට මෙරට පාතාලය මෙහෙයවීම සිදු කරන අතර ඔහුට එරෙහිව මේ වනවිට ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කර තිබෙනවා.
ඩැනී හිත්තැටිය ඝාතනයේ තවත් ප්‍රධාන සැකකරුවෙක් වූ හර්ෂ නමැති ඔහුගේ ගෝලයා පසුගිය වසරේදී රාජගිරිය ඔබේසේකරපුරදී ඝාතනය කරනු ලැබූ අතර එය සමයං කල්ලියේ වැඩක් බවට පොලිසිය සැක පළ කළේය.
ඉන්පසු වහාම ක්‍රියාත්මක වූ මධූෂ් සමයං ඝාතනය කළා.
ඔහු එයද සැලසුම් කරනු ලැබුවේ දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් වීම විශේෂයකි.
එසේම මධූෂ් තොග වශයෙන් මෙරටට හෙරොයින් සැපයීමේ ජාවාරමක නිරතවන බැවින් එයට ද රංගජීව මහතා ඇතුළු කණ්ඩායම අභියෝගයක් වන බැවින් ඔවුන්ට ප්‍රහාරය එල්ල කල බවයි පැවසෙන්නේ.
පසුගියදා සිදු වූ කොස් මල්ලිගේ ඝාතනයද මධුෂ් කල එකක් බවයි වාර්තා වන්නේ.
මේ අතර ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන සිය 14 හැවිරිදි පෙම්වතිය හමුවීමට මධුෂ් පසුගිය දිනක හොර රහසේ මෙරටට පැමිණ ආපසු ගිය බවට වාර්තා පළවුණා.
ෆේස්බුක් හරහා ඩුබායි සිටින මධුෂ්ව හඳුනාගත් බවත් පසුගිය අප්‍රේල් මාසයේ ඔහු ලංකාවට පැමිණ තමන්ව හමුවී කොල්ලුපිටියේ හෝටලයක දින කිහිපයක් අඹුසැමියන් ලෙස ගත කළ බවත් එම දැරිය පොලිසියට හෙළි කර තිබුනා.