Gossips

පාතාලය හෙල්ලූ අපරාධ කණ්ඩායම තම නමින් සමාජ මාධ්‍ය ගිණුමක් ආරම්භ කරයි

මේ වනවිට ලෝකයේ සෑම ජන කොට්ඨාශයක් ම අන්තර්ජාලය තම ජීවිතයේ කොටසක් කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ඒ අතර ව්‍යාජ මුහුණු යොදාගනිමින් විවධ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව ද එදිනෙදා පුවත් වාර්තා වනවා.
මේ වනවිට ලෝකයේම අවධානය යොමුවූ තවත් එවැනිම පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ලොව ජනප්‍රිය පුද්ගලයන් මෙන් යුරෝපයේ සිටින දරුණු ගණයේ අපරාධ කණ්ඩායමක් විසින් සිය අන්තර්ජාලයට එක්කර ඇති ඡායාරූප පිළිබඳවයි මෙලෙස ලෝකයේම අවධානය යොමුව ඇත්තේ.
අදාළ පාතාල කණ්ඩායම ලන්ඩනයේ සිටින කුප්‍රකට පාතාල කණ්ඩායමක් වන Hellbanianz බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
එම පාතාල කණ්ඩායම ඡායාරූප 8000ක් පමණ ඇතුලත් සමාජ මාධ්‍ය ගිණුමක් පවත්වාගෙන යන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
එහි පාතාල කණ්ඩායමේ සාමාජිකයන්ගේ ඡායාරූප, ඔවුන් සතුව ඇති අධික වටිනාකමකින් යුතු සුඛෝපභෝගී මෝටර් රථ, අවි ආයුධ, මුදල්, රන් ආභරණ මෙලෙස සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
ලෝකෙම අවධානය යොමුව ඇති ලන්ඩනය වැනි ස්ථානයක සුවිශේෂ ආරක්ෂක අංශ අභිබවා යමින් මෙලෙස සමාජ මාධ්‍ය භාවිත කරමින් නීතියට යටත් නොවූ පාතාල සාමාජිකයන් සිදුකරගෙන යන වැඩපිළිවෙල පිළිබඳව මේ වනවිටත් බොහෝ දෙනෙකු සිය පුදුමය පළකර තිබෙනවා.
එම ඡායාරූප පෙළ පහතින්.