Gossips

පාතාලය මඩින්න අලුත් මෙහෙයුමක්

විදේශ ගතව සිටිමින් ශ්‍රී ලංකාව තුළ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පාතාල සාමාජිකයින්ගේ සංවිධාන ජාලය මැඩලීම සඳහා මේ වනවිට පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඒ රට තුළ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ සහ මත් ජාවාරම් වැටලීමේ මෙහෙයුම අතරතුරයි.
ඊට අදාළව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල විශේෂ ජංගම සංචාර ද ක්‍රියාත්මක අතර පොලීසිය සහ විශේෂ කාර්ය බලකායේ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරින් ද මෙහෙයුමට එක්ව සිටිනවා.
මෙම මෙහෙයුමට සමගාමීව පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ එක්ව සිටින ප්‍රබල පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන කෙසෙල්වත්තේ දිනුකගේ සිව් මහල් නිවස ද ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය පරීක්ෂාවට ලක් කළා.
ඔහු ඩුබායි සිට කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක අපරාධ මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර, නිවසේ තිබී ජීව උණ්ඩ තොගයක් ද පොලීසිය සොයා ගත්තා.
එසේම, සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැණුනු අතර, සැකකාරිය කෙසෙල්වත්තේ දිනුකගේ පුංචි අම්මා බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.