Gossips

‘‘පාතාලයේ පොලිස්’’ගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ – සොත්ති උපාලිගේ පුත්‍රයා මත්කුඩු සමඟ කොටු වෙයි

මිනුවන්ගොඩ – දෙවලපොල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගත් අරුණකාන්ත අත්තනායක හෙවත් පාතාලයේ පොලිස් නමැත්තා වැඩිදුර පරීක්ෂණ සඳහා 6 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරිමට අධිකරණය අද අවසර ලබාදුන්නා.
ඒ, මොහු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අරුණකාන්ත අත්තනායක හෙවත් පාතාලයේ පොලිස් නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් සහ අයිස් නැමති මත්ද්‍රව්‍යද සමඟයි.
මොහු අමාත්‍ය සරත් ෆොන්සේකා සමග සමීප සබඳතා පවත්වන බවට පසුගිය දිනවල කථබහට ලක්වුණා.
මේ අතර ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක අරඹවෙලගේ දොන් උපාලි නොහොත් සොත්ති උපාලිගේ පුත්‍රයා වන අරඹවෙලගේ දොන් සජිත් රන්දික හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හොරණ – මොරගහහේන – කෝරළඉම ප්‍රදේශයේ නිවසක සිටියදී වළාන දූෂණ මර්ධන ඒකකය විසින් ඊයේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ බස්නාහිර පළාත තුළ හෙරොයින් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමේ නිරතව සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මීට පෙර සොත්ති උපාලිගේ දියණියද හෙරොයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.