පාතාල කණ්ඩායම් සාමාජිකයන්ට ගිනි අවි නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ චරිත් නිලංග හෙවත් ‘‘සීනිගොඩ පැට්ටා’’ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කළුතර දිසා අපරාධ ඒකකයට ලද තොරතුරකට අනුවයි.
31 හැවිරිදි සීනිගොඩ පැට්ටා, අම්බලන්ගොඩ – සීනිගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සමඟ තවත් සැකකරුවෙකු ඊයේ පානදුර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, දීර්ඝ කාලයක සිට මොවුන් ගිනි අවි නිෂ්පාදනය කිරීම සිදුකර ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.
එලෙස නිපදවන ලද රිවෝල්වරයක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ඇතුලු තවත් ගිනි අවි කිහිපයක් ද එහිදී සොයාගෙන තිබෙනවා.
එසේම ගිනි අවි නිෂ්පාදනය සඳහා යොදාගන්නා උපකරණද ඔහුට අයත් නිවසකින් සොයාගෙන ඇති බව සඳහන්.