Gossips

පාඨලීට ගම්මන්පිලගෙන් පිලිතුරු

දේශපාලන බල පෙරළි සඳහා රාජ්‍ය නිලධාරින් භාවිත නොකරන ලෙස පිවිතුරු හෙළ උරුමය එක්සත් ජාතික පෙරමුණෙන් ඉල්ලීමක් කරනවා.
කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙම ඉල්ලීම සිදු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක අරලියගහ මන්දිරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයට පිලිතුරු ලබාදෙමින්.
අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු ප්‍රධාන රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද හා මුල්‍ය කමිටුව හමුවට කැදවා ප්‍රශ්ණ කිරිමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක එහිදී සඳහන් කළා.
මේ අද පැවති මාධ්‍ය හමුවේදී ඊට ප්‍රතිචාර දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ දේශපාලන බල පෙරළියේ ගැටුමට රාජ්‍ය නිලධාරීන් යොදා නොගන්නා ලෙසයි.