Gossips

පාට වෙනස්කරගෙන පිටියට ආපු රාජස්ථාන් ක්‍රීඩකයින් හමුවේ දෝණිගේ පිළට අමතක නොවන පරාජයක්

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟය තියුණු සටනකින් අනතුරුව ජයගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ මේ වන විට ප්‍රසාද ලකුණු ලබාගැනීමේ සටහනේ දෙවන ස්ථානයේ පසුවන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 04 කින් පරාජය කරමින්.
අවසන් පන්දුවාරය තෙක් තරඟයේ ජය පැරදුම දෙපිළටම දෝලනය වූ මෙම තරඟයේ ජය රාජස්ථාන් දෙසට හරවාගන්නට ආරම්භක පිතිකරු ජෝෂ් බට්ලර් සමත වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04කර රැස්කළ ලකුණු සංඛ්‍යාව 176ක්.
ලකුණු 178ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් තුල එම ඉලක්කය පසුකර ගියා.
විශ්ෂ්ඨ පිතිකරණයක නිරත වූ බට්ලර් පන්දු 60කදී නොදැවී රැස්කළ ලකුණු සංඛාව 95ක්.
ඊයේ තරඟයට එක්වූ රාජස්ථාන් පිළ ඔවුන්ගේ සුපුරුදු නිල් පැහැති ඇඳුම වෙනුවට රෝස පැහැති ඇඳුමක් ඇඳ ක්‍රීඩා කිරීමද විශේෂත්වයක්.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrnrnrn