පාකිස්ථාන කණ්ඩායම සමඟ ඊයේ පැවති සිව්වන එක්දින තරඟය ජයගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
දිවා රාත්‍රී තරඟයක් ලෙස ඩුබායි ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරඟය ඕස්ට්‍රේලියාව ජය ගත්තේ ලකුණු 06කින්.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 07කට දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 277ක්.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 98 ක් රැස් කළේ පන්දු 82කට මුහුණ දෙමින්.
ඇලෙක්ස් කේරී ලකුණු 55ක් රැස් කළ අතර උස්මාන් කවාජා ලකුණු 62ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායම ලකුණු 271කට සීමා කරන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.
පකිස්ථාන පිළිතුරු ඉනිමේදී පකිස්ථාන ක්‍රීඩකයින් දෙදෙනෙක් ශතක රැස් කිරීමට සමත්වූ අතර පාකිස්ථාන ජයග්‍රහණය වෙනුවෙන් එය ප්‍රමාණවත් වුයේ නැහැ.
ඒ අනුව නියමිත පන්දුවාර 50 තුල පාකිස්ථාන ලකුණු පුවරුව කඩුලු 08ක් දැවී ලකුණු 271ක් ලෙස දැක්වූ අතර ඒ අනුව ඕස්ට්‍රේලියාවට ලකුණු 06ක ජයක් හිමි වුණා.
මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 04ට බිංදුවක් ලෙස ඕස්ට්‍රේලියාව පෙරමුණ ගෙන සිටිනවා.