පාකිස්ථානයේ ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි ස්වට් නිම්නයේ හමුදා කඳවුරකට ඊයේ එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පාකිස්ථාන සෙබළුන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
2007 වසරේ සිට තලේබාන් බලපෑමට ලක්වූ මෙම ප්‍රදේශයෙන් සන්නද්ධ සාමාජිකයන් 2000 කට වැඩි පිරිසක් පළවා හැරුණේ දැවැන්ත හමුදා මෙහෙයුමකින්.
කෙසේ නමුත් මෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාර විටින් විට එල්ලවන අතර, ඊයේ එල්ලවූ ප්‍රහාරයෙන් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
සෙබළුන් ඊයේ සන්ධ්‍යාවේ කඳවුර පිටත වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙන අතරතුර එහි පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු පිපිරීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.