Gossips

පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය පැවැත්වෙන ස්ථානයේ වෙනසක්

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින දේශපාලන හා යුද උණුසුම හේතුවෙන් ලාහෝරයේ පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තරඟ කරච්චි නුවර පැවැත්වීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
පවතින තත්ත්වය මත ලාහෝරය දක්වා ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවා ඇති අතර, පසුගිය දින හතරේදී පමණක් මෙලෙස ගුවන් ගමන් 400 කට ආසන්න සංඛ්‍යාවක් අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
සංශෝධිත කාලසටහනද මේ වනවිට නිකුත් කර ඇති අතර, ඒ අනුව තරඟාවලියේ පළමු තරඟය ඉස්ලාමාබාද් නුවරදී ආරම්භ වන්නේ ලබන 9 වනදායි.
තරඟාවලියේ අවසන් තරඟය ලබන 17 වනදා පැවැත්වෙනු ඇති.