ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් අද දිනයේදී කාශ්මීර ප්‍රදේශයේදී වෙඩි තබා බිම හෙලූ බව පාකිස්ථානය ප්‍රකාශ කළා.
පාකිස්ථාන හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් අසීෆ් ගෆූර් සඳහන් කළේ එහිදී ඉන්දීය ගුවන් නියමුවෙකු ගොඩබිම තුලදී අත්අඩංගුවට ගත් බවයි.
කෙසේ වෙතත් පාකිස්ථාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවාගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල සැරිසනරවා.
එහිදී එක් යානයක් කාශ්මීරයේ පාකිස්ථානය විසින් පාලනය කරන ප්‍රදේශයේදී බිම හෙලා ඇති අතර අනෙක් යානය වෙඩි තබා බිම හෙලනු ලැබුවේ ඉන්දියාව විසින් පාලනය කරනු ලබන ප්‍රදේශයේදීයි.
කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානාවක් කාශ්මීර ප්‍රදේශයේදී කඩා වැටී ඇති බවයි.
එම අනතුර වෙඩි තැබීමකින් සිදුවූවා ද එසේ නොමැති නම් කාර්මික දෝෂයක් නිසා සිදුවූවා ද යන්න පිළිබඳව නිශ්චිත වශයෙන් තහවුරු වී නොමැති බව එම වාර්තාවල සඳහන්.
