Gossips

පාකිස්ථාන නැගී එන කණ්ඩායම දිවයිනට

ආසියානු ක්‍රිකට් සම්මේලනය සංවිධාන කරන නැගී එන කණ්ඩායම් ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ සඳහා පාකිස්තානය නැගී එන කණ්ඩායම ඊයේ සන්ධ්‍යාවේ දිවයිනට පැමිණියා.
ඒ සඳහා 'බී' කාණ්ඩයෙන් සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම වන බංග්ලාදේශ පිළ අද දිවයිනට පැමිණීමට නියමිතයි.
ආසියානු නැගී එන කණ්ඩායම් ශූරතා තරගාවලියේ ඒ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි.
මූලික වටයේ තරඟවලදී අපරාජිතව සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඊයේ ඉන්දීය පිළ අතින් කඩුලු 04ක පරාජයක් ලැබුවා.
අවසන් පූර්ව තරඟ ලබන 13 වන දා සී.සී.සී. සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන අතර, අවසන් මහා තරඟය ලබන 15 වන දා පැවැත්වෙනවා.
මෙම තරගාවලියේ ඉන්දියාව සහභාගි වන තරඟ සහ අවසන් පූර්ව වටයේ සිට ඉදිරි තරඟ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සම්මේලනය තීරණය කළේ ඉන්දීය පිළ පාකිස්තානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.