ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර දඹුල්ලේ අද (24) පැවති තුන්වන එක්දින තරගයත්, පාකිස්ථාන කාන්තා කණ්ඩායම ලකුණු 108 කින් ජය ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 215 ක්.
ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43 යි පන්දු 3 කදී සියලූදෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 107 ක් පමණයි.
ඒ අනුව දෙරට අතර, තරග 3 කින් සමන්විත තරගාවලිය ද 3 ට බින්දුවක් ලෙස පාකිස්ථාන කාන්තා කණ්ඩායම ජය ගත්තා.
