Gossips

පාකිස්ථාන ආරක්ෂක ලේකම් හෙට දිවයිනට

පාකිස්ථාන ආරක්ෂක ලේකම් ලෙෆ්ටිනන් ජනරාල් අක්‍රම් උල් හක් ඇතුළු ඉහළ පෙලේ දූත පිරිසක් හෙට දිවයිනට පැමිණෙන බව කොළඹ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.
ලබන 5 වනදා දක්වා දිවයිනේ රැඳී සිටින එම දූත පිරිස ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ හමුදාවල ආරක්ෂක සංවාදයට සහභාගි වනු ඇති.
එමෙන්ම, පාකිස්ථාන ආරක්ෂක ලේකම්වරයා මෙරට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න සමඟ දෙරටට බලපාන ආරක්ෂාවට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.
ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ද මුණ ගැසෙන බව පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.