පාකිස්ථාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමන් තවත් සුළු මොහොතකින් ඉන්දියාවට භාරදීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළා.
මේ වනවිට එම කටයුතු සිදුවන වගාහ් අතාරි දේශසීමා ප්‍රදේශයට ඔහු රැගෙනවිත් ඇති බවයි අදාළ වාර්තාවල දැක්වුණේ.
ඔහු පාකිස්ථාන හමුදා අත්අඩංගුවට පත්වන්නේ එරට ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සදහා පාකිස්ථානු ගුවන් කලාපයට ඇතුළු වූ අවස්ථාවේ පාකිස්ථාන හමුදාවන්ගේ ප්‍රහාරයකට ලක්වීමෙන්.
සාමයේ සංකේතයක් ලෙස ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කරන බව පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබුණා.
ගුවන් නියමුවා නිදහස් කෙරෙන අවස්ථාව දැක බලා ගැනීමට දේශසීමාව අසලට අතිවිශාල ඉන්දීය ජාතිකයන් පිරිසක් එක්ව සිටීම ද විශේෂත්වයක්.