පාකිස්ථානයේ කයිබර් – පක්තුන්ක්වා ප්‍රාන්තයේ පිහිටි ඉපැරණි ගොඩනැගිලි 25 ක් මිලදී ගැනීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇති අතර, ඊට ප්‍රවීන බොලිවුඩ් නළුවන් වන රාජ් කපූර් සහ දිලිප් කුමාර්ගේ නිවාසද ඇතුළත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉන්දියාව සහ පාකිස්ථානය වෙන් කිරීමට පෙර 1918 ත් 1922 ත් අතර, කාලයේදී ඉදිකළ රාජ් කපූර්ගේ උරුම නිවහන නම් කර ඇත්තේ කපූර් හවේලි ලෙසයි.
ප්‍රවීන බොලිවුඩ් නළු දිලීප් කුමාර්ගේ වසර 100 ක් ඉපැරණි උරුම නිවහන පේෂාවර් නගරය ආසන්නයේ පිහිටා තිබෙනවා.
එය 2014 වසරේ නවාස් ෂරිෆ් රජය විසින් ජාතික උරුමයක් ලෙස නම් කරනු ලැබුවා.
