Gossips

පාකිස්ථානය මහ මැතිවරණයට සැරසෙයි – මෝදි 2019 ට සූදානම්

පාකිස්ථානයේ මහ මැතිවරණය ලබන ජූලි 25 වනදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම ඊයේ නිවේදනය කළා.
කෙසේ නමුත් එය ජූලි 25 වනදා සිට 27 වනදා දක්වා ඕනෑම දිනක පැවැත්විය හැකි බවට ජනාධිපති මම්නූන් හුසේන් වෙත දැනුම්දී ඇති අතර, නිශ්චිත දිනයක් ඔහු තීරණය කරනු ඇති බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයා සඳහන් කළේ.
පාකිස්ථාන පාර්ලිමේන්තුව මැයි 31 වනදා විසුරුවා හැරීමට නියමිත අතර, මැතිවරණය නව අන්තර්වාර අගමැතිවරයෙකු සහ පරිපාලනයක් යටතේ පැවැත්වෙනු ඇති.
මේ අතර සිය පාලනයේ සිව්වෙනි වසර නිමා කරමින් ඊයේ පස්වන වසරට එළඹුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2019 මැතිවරණ ව්‍යාපාරය දියත් කළා.
ඒ වෙනුවෙන් සිය අනුගාමිකයන් ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දූෂණයට එරෙහිව තමා ගෙන යන ක්‍රිියාමාර්ග හේතුවෙන් විපක්ෂයේ එක්සත් වීමක් දක්නට ලැබෙන බවයි.