Gossips

පාකිස්ථානය නව කෲස් මිසයිලයක් අත්හදා බලයි

පාකිස්ථානය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ නව කෲස් මිසයිලයක් ඊයේ (14) සාර්ථක ලෙස අත්හදා බලනු ලැබුවා.
එය එරට නිෂ්පාදිත බාබූර් කෲස් මිසයිලයේ වැඩිදියුණු කළ මාදිලියක් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
කිලෝමීටර 700 ක් දුරින් වූ ගොඩබිම සහ මුහුදේ ඉලක්ක වෙත නිවැරදිව එල්ල කළ හැකි මෙම මිසයිලයට පහළින් ගමන් කිරීමට හැකිවීම විශේෂත්වයක්.
එමඟින් ඊට රේඩාර් පද්ධති මගහැර යාමට හැකියාවක් පවතින බව සඳහන්.
නව කෲස් මිසයිලය සාර්ථක ලෙස අත්හදාබැලීම සම්බන්ධයෙන් පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් සහ අගමැති ෂාහිඞ් කඛාන් අබ්බාසි ඊට එක්වූ පාකිස්ථාන විද්‍යාඥයන් පැසසුමට ලක් කළා.