නවසීලන්තය සමඟ පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 47 කින් ජය ගැනීමට පාකිස්ථානය ඊයේ සමත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමඟ තරඟවලිය 3ට බින්දුවක් ලෙස ජය ගත්තේ ද පාකිස්ථානයයි.
අබුඩාබි හි ඊයේ නිමාව දුටු අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 166 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට ලබාගත හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 119 ක් පමණයි.
